තාක්ෂණවේදය යනු ඉතාමත් වටිනා,කාලෝචිත,රැකියා අවස්තා රැසක් බිහිකිරීමට පුලුවන් විෂය ධාරාවක් වන අතර මෙය සුදූසුකම් අැති ඔිනෑම සිසුවෙකුට හැදෑරිය හැකිය.අවම සුදුසුකම් ලෙස,
ගණිතය(සම්මාන)
විද්‍යාව(සම්මාන)
තවත් එක් සම්මානයක් අැතුලුව විශයන් හයක් සමත් වී තිබිය යුතුවේ.(6 යි 3ක්)
තාක්ෂණවේදය විෂය ධාරාව සැකසී ඇත්තේ ප්‍රධාන විෂයන් තුනක් එකතු වීමෙනි එනම් ,
තාක්ෂණවේදය සඳහා විද්‍යාව (මෙම විශය අනිවාර්යයෙන් තෝරාගත යුතුයි.)
ඉංජිනේරු තාක්ෂණවේදය/ජෛව පද්ධති තාක්ෂණය (මෙම විශයන් දෙකෙන් එකක් තෝරා ගතයුතුයි.)
තෙවන විෂය ඛාණ්ඩය
ආර්ථික විද්‍යාව,
භූගෝල විද්‍යාව,
ගෘහ ආර්ථික විද්‍යාව,
ඉංග්‍රීසි,
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය,
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,
චිත්‍ර කලා,
කෘෂි විද්‍යාව,
ගිණුම්කරණය,
ව්‍යාපාර අධ්‍යයනය (මෙම විශයන් අතුරින් එකක් තෝරාගත යුතුයි)
විශයන් පිලිබද කෙටි සටහනක්....
තාක්ෂණවේදය සඳහා විද්‍යාව -
ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය, සෙරමික්- වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, අන්තර් ජාල/ඊ මේල්, දෘඩාංග පිළිබඳ මූලධර්ම, මූලික මෙහෙයුම් පද්ධතිය හා මෙහෙයවීම, අමුද්‍රව්‍යවල ගුණ, තරල ගුණ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් චුම්බකත්වය,තාපය, තරංග,මූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ්‍රමණ චලිතය, පරිගණක මෘදුකාංග යෙදවුම්.
No comments:
Post a Comment